අවමංගල්‍ය උත්සවයකට සහභාගි විය යුතු හරි විදය මෙන්න…

සාමාන්‍යයෙන් අවමංගල්‍ය අවස්ථාවක් යනු විලාසිතා අවම වශයෙන් භාවිතා කරන අවස්ථාවක් ලෙස බොහෝ දෙනෙක් සලකනු ලබයි. එහෙත් සමහරු එම අවස්ථාවට නොගැලපෙන අයුරින් ආභරණ හා විලාසිතා භාවිතා කරනු දකින්නට ලැබේ. කනගාටුදායක අවස්ථාවක් වුවද එයට සහභාගි වීමේදී අප නිසි පිළිවෙළට හා අපගේ පෞරුෂය හා සුන්දරත්වය මතු වන ආකාරයට එයට සහභාගී යුතුය.

අවමංගල්‍ය උත්සවයක් සඳහා සහභාගි වීමේදී මේකප් පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. මන්ද එය ඉතා චාම් ලෙස හා අඩුවෙන් මේකප් වර්ණ භාවිතා කළ යුතු අවස්ථාවකි. විශේෂයෙන්ම Foundation Stick, Pan Cake වර්ණ ඉතා සුළුවෙන් භාවිතා කරමින් අපට මෙහිදී මේකප් සිදුකරගත හැකිය. කිසිම මොහොතක රතුපාට Lipstick භාවිතා නොකළ යුතුය. Eye Makeup වුවත් සමේ වර්ණයට ඉතා ආසන්න ලෙස හෝ ලා දුඹුරු, අළු පැහැති වර්ණ යොදා ගත යුතුය. හැකි තරම් අඩුවෙන් Makeup භාවිතා කළ යුතුය. විශේෂයෙන් Lipstick color තෝරාගැනීමේදී තද පැහැති වර්ණ තෝරා ගැනීම අවමංගල්‍ය අවස්ථාවට සුදුසු නොවේ. තද රතු ,තද රෝස වැනි තද වර්ණ තොල් ආලේපන සදහා තෝරා ගැනීම කිසිසේත්ම නොගැලපේ. නමුත් ලා රෝස ,ළා දුඹුරු, ළා තැඹිළි වැනි සමේ වර්ණයට ඉතා ආසන්න වර්ණයන් ගෙන් යුත් තොල් ආලේපන යොදා ගත හැකිය. තවද Mat Color එකක් ඔබගේ රුචිකත්වය අනුව භාවිතා හැකිය. එසේම ලා පැහැති Lipstick Color යොදා ගෙන ඊට උඩින් Lip Gloss එකක් භාවිතා කිරීමට පුළුවන. ඇහි බෑම සඳහා ද කළු පැහැති Pencil එකක් යොදා ගන්නවට වඩා තද දුඹුරු හෝ අළු වර්ණය භාවිතා කිරීම වඩා සුදුසු වේ. නිය ආලේපන භාවිත කිරීමේදී කිසිවිටක රතු වැනි තද වර්ණ භාවිතා නොකරන්න. ඒ සදහාද ඉතා චාම් ලා වර්ණ යොදා ගත යුතුය.

අවමංගල්‍ය උත්සවයක් සඳහා බොහෝවිට ඇදුම් සදහා සුදු වර්ණය පමණක් භාවිතා කරයි. එසේ වුවත් ඔබ අඳින ඇඳුම ලේස් හෝ විනිවිද පෙනෙන Material එකක් භාවිතා කරමින් ආකාර්ෂණියත්වයක් නිර්මාණය කරගත හැකිය

කොණ්ඩය සදහා සරල කොණ්ඩා විලාසිතා භාවිතා කළ යුතුය. මේ සදහා පොනිටෙල් එක හෝ කොණ්ඩය තනි කරලට ගෙතීම ඔබගේ පෙනුමට චාම් බවක් එක් කරයි. හැකි සෑම විටම කොන්ඩය නිදහස්ව නොතබා ගොනු කර රදවා ගැනීම වඩා සුදුසුය.

ආභරණ පැලඳීමේදී දිගු කරුඹු පැලැදීම නුසුදුසුවේ. ඒවායේ පැහැයද සුදු හෝ ලා වර්ණ විය යුතුය. සපත්තු හා බෑග් භාවිතයේ දී සුදු පැහැති වර්ණම භාවිතා කිරීම වඩා සුදුසු වේ.

photo 2021 02 08 14 08 55 photo 2021 02 08 14 09 43 photo 2021 02 08 14 13 37

Social media & sharing icons powered by UltimatelySocial
Call Now