ඔබගේ සුන්දරත්වය ඉස්මතු කරන හැසිරීම් රටා

සමාජයේදී අපට ලැබෙන පිළිගැනීමට බලපාන ප්‍රධානම සාධක අතරන් ඇදුමට අමතරටව අපගේ හැසිරීමට ප්‍රමුඛ වේ. එබැවින් කොතරම් හොදින් හැද පැලද සිටියත් අපගේ හැසිරීම් රටාව නොගැලපුන විට සමාජයෙන් අපව ‍පිළිකුලට භාජයන කරයි. එබැවින් පහත උපදෙස් ගැන ඔබත් සිතන්න.. ‍

  • හැමවිටම ඔබ භාහිර පරිසරය සමග ගැටෙන විට ඔබේ රුවට ,පෙනුමට මුල් තැන දීම වැදගත් වේ.
  • ඔබ හැසිරෙන ආකාරය,කතා කරන විලාසය හැම විටම ඔබේ සුන්දරත්වය ඉස්මතු කරයි. එනම් ඔබ සමාජයේ අනෙක් අය සමග ගනුදෙනු කිරීමේදී ඔබගේ පෞරුෂත්වය, සුන්දරත්වය මතුවන අයුරින් කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
  • සමහර පුද්ගලයින් කෙනෙකු සමග කථාකර විට අනෙකාට අතින් ඇනීම, තල්ලු කිරීම වැනි හැසිරී‍ම් දක්නට ලැබේ. මෙය ඉතා නොගැලපෙන අසංවර පුරුද්දකි.
  • හැකි සෑම විට අව්‍යාජ සිනාවක් නගා ගැනීමට පුරුදු වන්න.
  • ගමනක් යන විට හැකි සෑම විටම එක් බෑගයක් පමණක් රැගෙන යාමට පුරුදු වන්න. බෑග කිහිපයක් සමගින් ගමන් කිරීම ඔබගේ සුන්දර පෞර්ෂවයට හානි සිදුකරයි.
  • කෙනෙකු සමග කථා කරන විට කෙලින් ඔහු හෝ ඇයගේ ඇස්දෙස බලා කථා කරන්න. එය ඔබගේ පෞර්ෂවය ඉස්මතු කරයි.
    ඔබ සංවර විය යුතුයි.
  • කතා බහ කරන විට යහපත් වචන පමණක් කතා කළ යුතුයි. එසේම අනවශ්‍ය ලෙස ශබ්ද නගා කථා නොකල යුතුය. තැනට උචිත ලෙස ශබ්දය හා වචන භාවිතයට ඔබ සැලකිලිමත් විය යුතුය. හැම විටකම ගැටුම්, තර්ක, වාදවිවාද වලට යාමෙන් වැලකි යුතුය.
  • අවශ්‍ය දෙයට පමණක් පමණක් කතා කරනවා නම් එතුළින් ද ඔබේ වැදගත්කම ඉස්මතු වේ. ඔබ කතා කරන සුන්දර වචන වලින් ඔබ ගැන අන් අයට පණිවිඩයක් ලබා දේ. එමගින් භාහිර සමාජය ඔබේ හැසිරීම් රටා ද ඔබ ගැන චිත්‍රයක් මවයි.
  • ඔබ නිතරම නියපොතු සැපීමට,කතා කරන විට නාසය අත පත ගෑම,හිස කැසීම ආදී ක්‍රියා සිදු කිරීමෙන් පැහැදිලිව ඔබේ පෞරුෂත්වයට හානි සිදු වේ. එසේම නිරත්තරයෙන් ඇඳගෙන සිටින ඇඳුම සකස් කිරීමට යාමද ඔ‍බේ හොද පෞරුෂත්වයට බාධාවකි.
  • එමෙන්ම ඔබ ඇවිදින විටද ඉතා සංවර විය යුතුයි. අත් දෙක දෙපසට විසි කරමින් ,දෙපා විසි කරමින් ඇවිදීම ඉතා අශෝභනය.
  • හිද ගැනීමේදී කකුල් දෙක දෙපසට කර වාඩි වීම කාන්තාවකට නොගැලපේ. ඔබ වාඩි වීමේදී කකුල් දෙක ළගින් තබාගෙන හෙමින් ඔබේ අසුනේ වාඩි වී කකුල් දෙක මත ඔබේ අත් දෙක තබාගෙන සිටීමෙන් ඔබේ සංවර බව ඉස්මතු වේ. නැතිනම් ඔබට කකුලක් පිට කකුලක් දමා ඉතා සෙමෙන් තමාගේ අසුනේ වාඩි විය හැකිය.එතුලින් ද ඔබේ පෞරුෂත්වය හා ගරුත්වය ඉස්මතු වේ.
වැදගත් විදියට රැකියාවට යන්නේ මෙහෙමයි..

වැදගත් විදියට රැකියාවට යන්නේ මෙහෙමයි..

යුවතියකගේ සුන්දරත්වයේ රහස වන්නේ පිළිවෙල හා සුපිරිසිදුකමයි. එබැවින් රැකියාවට යාමේදී මේ පිළිබද ඔබ වැඩි අවධානයක් යොමු කල යුතුමය. ඔබ සාරිය හෝ ඔසරිය […]

Social media & sharing icons powered by UltimatelySocial
Call Now