ඔබට නයිට් ක්‍රීම් එකක් අවශ්‍ය වන්නේ ඇයි?

කාර්යබහුල ඔබට නයිට් ක්‍රීම් එකකින් ලබාගත හැකි ප්‍රතිලාභ රාශියකි. ඇත්ත වශයෙන්ම,නයිට් ක්‍රීම් මඟින් ඔබේ සමෙහි තෙතමනය ආරක්ෂා කරයි. නයිට් ක්‍රීම් මගින් ඔබේ සමේ තෙතමනය දෙගුණ කළ හැකි අතර වයස්ගත වීමේදී සමෙහි ඇතිවන ගැටළු අවම කරගැනීමට සහය වේ. Night cream බොහෝවිට Day cream තරම් ඉක්මනින් ඔබේ සමට අවශෝෂණය නොවන අතර ඒවා සාමාන්‍යයෙන් වඩාත් ප්‍රතිඵලදායකය. මෙම ප්‍රතිකාරය මඟින් ඔබේ ස‍මෙහි තරුණ පෙනුම දිගු කාලයක් තබා ගැනීමට ඉඩ සලසයි. ඔබ නයිට් ක්‍රීම් ආලේප කිරීමට උනන්දුවක් නොදක්වන්නේ නම් ඔබේ සමට ලබා දිය හැකි පෝෂණය හා සජලනය අහිමි වී යා හැකිය. නින්දට යාමට අවම වශයෙන් විනාඩි 30කට පෙර මුහුණ හොඳින් පිරිසිදු කර මුහුණෙහි නයිට් ක්‍රීම් ආලේප කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

සමට වඩාත් හොඳ පෙනුමක් ලබා ගැනීමට ප්‍රමාණවත් තෙතමනය අවශ්‍ය වේ. සමස්තයක් ලෙස ශරීරය හයිඩ්‍රේට කිරීම සඳහා අප වැඩියෙන් ජලය පානය කළ යුතුය, නමුත් සමෙහි තෙතමනය පවත්වා ගැනීම සඳහා ගුණාත්මක නිෂ්පාදන ද අපගේ සම මත ආලේප කළ යුතුය. වියළී ගිය ස‍මෙහි හොඳ පෙනුමක් නැත. අධික වියළි සමක් ඇති අයට දුර්වර්ණ පෙනුමක් ඇති වන්නේ එබැවිනි.මුහුණට සිදුකරන සත්කාරවලින් සමෙහි තෙතමනය රැක ගැනීම ඉතා වැදගත් වන අතර,කුමන ආකාරයේ සමක් ඔබට තිබුණත් එය සැමවිටම ආරක්ෂා කර ගැනීමට ඔබ උනන්දු විය යුතුය.


නයිට් ක්‍රීම් භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ:

  • නයිට් ක්‍රීම් ඔබේ මුහුණේ වියළි කොටස් වලට තෙතමනය සපයයි. එමඟින්, ඔබේ මුහුණට තරුණ පෙනුමක් ලබාදෙයි.
  • නින්දේ දී එය වඩාත් ක්‍රියාකාරී වී ඔබේ මුහුණට නැවුම් පෙනුමක් ලබාදෙයි.
  • එමඟින් ඔබට සිනිඳු සමක් ඇති බව සහතික කරයි.
  • ඔබේ නයිට් ක්‍රීම් ඔබේ සමෙහි කොලජන් වැඩි කරයි.
  • මෙම ක්‍රීම් හොඳින් ක්‍රියාකර රුධිර සංසරණයට උපකාරී වේ.
  • ඔබේ මුහුණේ රැළි සහ අනෙකුත් රේඛා අඩු වේ.
  • නයිට් ක්‍රීම් ඉටු කරන එක් ප්‍රධාන කාර්යභාරයක් නම්, එය ඔබේ සමේ ගිලුණු ස්වභාවය වළක්වයි.
  • එමඟින් ඔබේ සම මෘදු හා ශක්තිමත් කරයි.
  • ඔබේ වයස්ගත පෙනුම අඩුකර තරුණ බවක් එක්කරයි.
  • එය ඔබේ සමේ ප්‍රත්‍යාස්ථතාව යථා තත්වයට පත් කිරීමට උපකාරී වේ.
  • සෛල අලුත් කිරීමට සහ ඔබේ සම පෝෂණය කිරීමට උපකාරී වේ.

 

ඔබ නයිට් ක්‍රීම් එකක් භාවිතා කළ යුත්තේ ඇයි?

වයස්ගත වීම වැළැක්වීම
සමෙහි රළු බව, රැළි වැටීම සහ එල්ලා වැටීම වැනි ලක්ෂණ වයස්ගත පෙනුමට බලපායි. මේ සඳහා භාවිතා කරන නිෂ්පාදනවල බොහෝ විට රෙටිනෝල්, ග්ලයිකෝලික් අම්ලය, සාලිසයික්ලික් අම්ලය සහ රෙටිනයිල් ඇසිටේට් වැනි අමුද්‍රව්‍ය අඩංගු වේ. මෙම සියලු අමුද්‍රව්‍ය ඔබේ සමෙහි ඇදෙන සුළු බව වැඩි කිරීමට උපකාරී වේ. එමඟින් වයසට යාමේදී ඇතිවන ලප කැළැල්,සිහින් රේඛා සහ රැළි සහිත පෙනුම අඩු කර ගත හැකිය. කෙසේ වෙතත්, මෙම අමුද්‍රව්‍ය සමේ සංවේදීතාව වැඩි කරයි. පාරජම්බුල කිරණවලට සම නිරාවරණය වන විට සමේ සංවේදීතාව වැඩි විය හැකිය, එබැවින් මෙවැනි නයිට් ක්‍රීම් භාවිතා කරන විට ඔබේ සම හිරු එළියට නිරාවරණය වීම වළක්වා ගැනීම අනිවාර්ය වේ. පාරජම්බුල කිරණ වලට සම නිරාවරණය වීම වළක්වා ගත හැකි හොඳම ක්‍රමය වන්නේ මෙම නිෂ්පාදන රාත්‍රියේදී පමණක්ම භාවිතා කිරීමයි.

ගැඹුරු තෙතමනය
අල්ට්‍රා හයිඩ්‍රේටින්, ගැඹුරු පෝෂණය මෙහිදී වඩා වැදගත් වේ.මෙම නිෂ්පාදන බොහෝ විට ඉහළ මට්ටමේ අවශ්‍යතා සඳහා භාවිතා කරන බැවින් ඒවා දිවා කාලයේ දී මොයිස්චරයිසින් ලෙස ක්‍රියා කරයි. රාත්‍රියේදී ඔබට වැඩි තෙතමනයක් අවශ්‍ය නොවන්නේ සම සිසිල්ව තිබෙන නිසාත්,හිරු එළියට සම නිරාවරණය නොවන නිසාත් ය. ඔබේ සම නිරන්තරයෙන් පුනර්ජනනය වේ, එබැවින් ඔබ දෛනිකව භාවිතා කරන මොයිස්චරයිසර් ක්‍රීම් වලින් ලැබෙන තෙතමනය පිළිබඳව ඔබ සෑහීමකට පත්වන්නේ නම් ඔබට වෙනම රාත්‍රී ආලේපන අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, ඔබ නිවසේ සිටින විට ඔබේ සම වියළි ස්වභාවයක් ගනී නම් ඔබට රාත්‍රියේදී ගැඹුරු තෙතමනයක් ඇති ක්‍රීම් එකක් භාවිතා කිරීම අවශ්‍ය විය හැකිය.

ඔබේ සම විවේකයෙන් හා බාධාවකින් තොරව නිදහසේ තිබෙන එකම කාලය වන්නේ රාත්‍රී කාලයයි.එබැවින් ඔබ නිදා සිටින කාලය තුළ ඔබේ සම අලුත්වැඩියා කිරීමකට ලක් වේ.මෙම අළුත්වැඩියා කිරීමේ ක්‍රියාවලියේදී නිවැරදි නයිට් ක්‍රීම් එකකින් ඔබේ සමට ලබාදෙන රැකවරණය ඉතා වැදගත් වේ.නයිට් ක්‍රීම්, ඔබේ සම නැවත ප්‍රාණවත් කිරීමට සහ සමේ ඇතිවන ගැටළුවලට එරෙහිව සටන් කිරීමට උපකාරී වේ. එමගින් ඔබේ සමේ ස්වාභාවික දීප්තිය යථා තත්වයට පත් කරයි.

Day cream සහ Night cream වෙනස් වන්නේ කෙසේද?
Day cream වල වැදගත්කම අපි හඳුනා ගැනීම වැදගත් වේ. සමේ තෙතමනය ආරක්ෂා කරගැනීම, සමෙහි දීප්තිමත් භාවය, සූර්යයාගෙන් ආරක්ෂා වීම වැනි අවශ්‍යතා සඳහා Day cream එකක් භාවිතා කිරීම වැදගත් වේ. නමුත් ඔබ වඩා හොඳ ප්‍රමිතියකින් යුත් Day cream එකක් භාවිතා කරන්නේ නම් නයිට් ක්‍රීම් එකක අවශ්‍යතාව ඔබට තදින් නොදැනේ. ඔබේ සමෙහි ස්වභාවය හා සමෙහි පවතින ගැටළු අනුව ඔබට අවශ්‍ය ක්‍රීම් වර්ගය තෝරාගත හැකිය. ඔබගේ අවශ්‍යතාව කුමක් වුවත් රාත්‍රී කාලයට උචිත ආලේපන,දිවා කාලයට උචිත ආලේපන,අවශ්‍යතාව අනුව එකිනෙකට වෙනස් ආකාරයකින් සකස් කර ඇත. Day cream සාමාන්‍යයෙන් සම’ආරක්ෂා’ කරන අතර Night cream සම අලුත්වැඩියා කිරීමට සහ පුනර්ජනනය කිරීමට ක්‍රියාකරයි. සාමාන්‍යයෙන් Night cream එකක් දිවා කාලයේ දී සමට සිදු වන විනාශයන්,පීඩාකාරී තත්වයන්ට එරෙහිව ක්‍රියාකර සම නැවුම්ව,දීප්තිමත්ව සකසා ගැනීමට ක්‍රියාකරයි.
ඔබ නිදා සිටියදී ඔබේ සමට ‘විශේෂ ප්‍රතිකාර’ අවශ්‍ය බව ඔබට පෙනී යා හැකිය.ඔබ ජීවත්වන පරිසරය වියළි සහගත තත්වයක් පවතී නම්,නින්දේ දී ඔබට ප්‍රතිඔක්සිකාරකයක්,තෙතමනකාරකයක් අවශ්‍ය වනු ඇත.ඔබ නින්දෙන් අවදි වූ විට කැඩපතින් ඔබේ මුහුණ දෙස බැලීමෙන් ඔබ පිළිබඳව තක්සේරුවක් ලබාගත හැකිය.ඔබේ සමෙහි වියළි පැල්ලම් තිබේද?පිග්මන්ටේෂන් තිබේද? ඔබේ මුහුණේ අඳුරු පැහැය ඉස්මතු වේ ද? මුහුණෙහි තෙල් සහිත බවක් දක්නට ලැබේද?එවැනි අවස්ථාවක එම ගැටළුවලට එරෙහිව ක්‍රියාකළ හැකි ආලේපන නිවැරදිව තෝරාගැනීමට ඔබ බුද්ධිමත් වියයුතුය.

සමෙහි තෙතමනය රඳවා තබාගෙන සම දීප්තිමත් කිරීමට සහ සමේ පැහැපත් බව යථා තත්වයට පත් කිරීමට ඔබට ග්ලිසරින් හෝ හයුලූරොනික් අම්ලය සමඟ ක්‍රියාකරන ආලේපනයක් අවශ්‍ය වේ.

Social media & sharing icons powered by UltimatelySocial
Call Now