තරුණ පෙනුම වැඩිකාලයක් පවත්වා ගන්න Tips 8 ක්..

ඔබේ වයස මුහුණින් පමණක් පිළිඹිබු නොවේ. විශේෂයෙන්ම ඔබේ ගෙල, ඇස්,අත් සහ අත්වල සම ඔබේ වයස පෙන්නුම් කරයි. වයසට යාම නොවැළැක්විය හැකි නමුත් රූපලාවන්‍ය සත්කාර ඇසුරින් ඔබේ තරුණ පෙනුම ඉස්මතු කර වැඩි කාලයක් පවත්වා ගැනීමේ හැකියාව පවතී. වර්තමානයේ බොහෝ දෙනා ඒ පිළිබඳව දක්වන උනන්දුව ද වැඩිවී ඇත.
ඒ අනුව තරුණ පෙනුම රැකගැනීමට අපට භාවිතා කළහැකි ක්‍රම 08ක් පහත දැක්වේ. ඔබත් උත්සහකර බලන්න.

1. හිරුගෙන් ඈත්ව සිටින්න.

  • සූර්යයාගෙන් නිකුත් කරන අහිතකර පාරජම්බුල කිරණ(UVA සහ UVB) ඔබේ සමෙහි වයස්ගත පෙනුමට 90%ක් පමණ බලපෑම් සිදුකරයි.
  • එම කිරණ මඟින් ඔබේ සමට දුර්වර්ණ පෙනුමක්,රැළි වැටුණු ස්වභාවයක්,ලප,පිග්මන්ටේෂන් වැනි අහිතකර ප්‍රතිඵල රාශියක් ලබා දේ.
  • මෙයට පිළියම් ලෙස ඔබ SPF 30 අඩංගු හිරු ආවරණ ආලේපනයක්(Sun Protection Cream)භාවිතා කළ යුතුය.
  • ඔබ නිවසින් බැහැරට යනවිට ඔබේ සම හිරුඑළියට නිරාවරණය වන බැවින් බැහැරට යාමට විනාඩි 15කට පෙර Sun Protection Cream ආලේප කිරීමට මතක තබාගන්න.
  • උපරිම ආරක්ෂාව සඳහා පැය කීපයකට වරක් මුහුණ,ගෙල,අත්,පා වැනි හිරුට නිරාවරණය වන ප්‍රදේශවල ක්‍රීම් ආලේප කරන්න.

2. හැකිතරම් ජලය පානය කරන්න.

  • සමෙහි තෙතමනය තරුණ පෙනුම සඳහා බලපාන වැදගත්ම සාධකයකි.
  • ඔබේ සමට දීප්තිමත් පෙනුමක් මෙන්ම පෝෂණයක් ලබාගැනීමට ඔබ දිනකට ජලය ලීටර් 04ක්වත් අවම වශයෙන් පානය කළ යුතුය.
  • වැඩිපුර ජලය පානය කිරීමෙන් ඔබේ සමෙහි පටක හා සෛල ප්‍රතිපෝෂණය වන අතර සමෙහි වියළිබව,අඳුරු පෙනුම,වියපත් පෙනුම බොහෝ දුරට අඩුකර ගතහැකිය.
  • සෑම දිනකම උදෑසන අවදි වූ විට ජලය පානය කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.තරුණ හා සෞඛ්‍ය සම්පන්න පෙනුමකට මෙය බෙහෙවින් උපකාරී වේ.

3. විවේකීව සිටින්න.

  • තරුණ පෙනුම පවත්වා ගැනීමට විවේකය ද අත්‍යවශ්‍ය වේ.
  • නින්දේ දී ඔබේ ශරීරය,සෛල අලුත්වැඩියා කිරීමට පදනම්වන හෝර්මෝන අඛණ්ඩව නිපදවන නිසා රුව පිළිබඳව සිතීමේදී නින්ද අත්‍යවශ්‍ය වේ.
  • ඔබ අවම වශයෙන් පැය 06ක වත් නින්දක් ලැබිය යුතුය.එය ඔබගේ කායික,මානසික ගැටලු රැසකට විසඳුම් ලබාදෙයි.
  • නින්දේදී ඔබේ සමෙහි බහිස්‍රාවීය කොටස් මෙන්ම වියපත්බව නසන රෙටිනොයිඩ්ස් සහ බීටා හයිඩ්‍රොක්සි අම්ලය වැනි දේ මඟින් වයස්ගත පෙනුමට බලපෑම් කළහැකිය.
  • එනිසා ප්‍රමාණවත් නින්ද තරුණකම රැකගැනීමේදී අතිශය වැදගත් වේ.

4. මොයිස්චරයිසර් ක්‍රීම් භාවිතය

  • ඔබේ සමෙහි අභ්‍යන්තර තෙතමනය සඳහා ජලය අවශ්‍ය වනවා සේම,මොයිස්චරයිසර් ක්‍රීම් භාවිතය ද සමෙහි තෙතමනයට හා පෝෂණයට ඉතා වැදගත් වේ.
  • මොයිස්චරයිසර් ක්‍රීම් භාවිතයෙන් සමෙහි දීප්තිමත් භාවයද ඇතිවේ.
  • වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගැනීම සඳහා ඔබේ සමට ගැළපෙන හොඳ ප්‍රමිතියකින් යුත් මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් තෝරාගත යුතුය.
  • සමට හොඳින් අවශෝෂණය වන පරිදි ක්‍රීම් ඔබේ මුහුණේ,බෙල්ලේ සහ අත්වල ආලේප කළයුතුය.

5. පෝෂ්‍යදායී ආහාර වේලකට යොමුවන්න

  • ඔබේ සමෙහි නිරෝගීභාවයට,තරුණබව රැකගැනීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ එළවලු, පළතුරු පළාවර්ග හා ධාන්‍ය වලින් සපයයි.
  • බාහිර පරිසරයෙන් ඔබේ සමට සිදුවන අහිතකර බලපෑමට එරෙහිව ක්‍රියාකිරීමට නැවුම් එළවලු හා පළතුරු වලට විශේෂයෙන් හැකියාව ඇත.
  • එනිසා හැමවිටම ඔබේ ආහාර වේලට නැවුම් එළවලු,පළතුරු,පළා වර්ග,කොළකැඳ ආදිය එක්කර ගැනීම තරුණ පෙනුමට ඉතා වැදගත් වේ.

6. ව්‍යායාම කරන්න

  • සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ව්‍යායාම අත්‍යවශ්‍ය වේ.
  • ව්‍යායාම මඟින් ඔබේ සිරුරේ බර,සිරුරේ හැඩය නිසියාකාරව පවත්වා ගැනීමට, අනවශ්‍ය කැලරි ප්‍රමාණය දහනය කරගැනීමට උදව් කරයි.
  • ව්‍යායාම මඟින් කෙනෙකුගේ වයසට යාමේ වේගය වසර 10කට ආසන්න කාලයකින් පමාකරන බව පර්යේෂණවලින් හෙළි වී ඇත.
  • ව්‍යයාම මඟින් සිරුරේ රුධිර ප්‍රවාහනය වැඩි කර ඔක්ෂිජන් සහ අතිරේක පෝෂ්‍ය පදාර්ථ ශරීරය පුරා ගමන් කිරීමට ඉඩ සලසයි.
  • එබැවින් දිනපතා විනාඩි 30ක පමණ කාලයක් ව්‍යයාම්වල නිරතවීම මඟින් ඔබට සෞඛ්‍යමය වාසි රැසක් අත්කර ගත හැකි අතර ඉන් ඔබේ ආයු කාලයද වැඩිකරයි.

7. සම නිතරම පිරිසිදුව තබාගැනීමට උනන්දු වන්න.

  • ඔබේ සම නිරන්තරයෙන් බාහිර පරිසරය සමඟ ගැටෙන විට කුණු,දූවිලි,විෂබීජ ආදිය සම මත තැන්පත් වේ.
  • එනිසා නිතරම ඔබේ සමෙහි පිරිසිදු බව කෙරෙහි අවධානය යොමුකිරීම ඉතා වැදගත් වේ.
  • ඔබ නිවසින් බැහැරට යනවිට හිරු ආවරණ ආලේපනයක් භාවිතා කළයුතු අතර මෘදු පවිත්‍රකාරකයක් යොදා දිනකට කීප වතාවක් මුහුණ පිරිසිදුකර ගත යුතුය.
  • සමට ගැළපෙන ස්ක්‍රබ් වර්ගයක් භාවිතා කිරීම තුළින්ද ඔබේ සමෙහි මැරුණු සෛල ඉවත් කරගත හැකිය.
  • හැමවිටම ඔබේ සමෙහි වර්ගය හා අවශ්‍යතා සැලකිල්ලට ගෙන නිසි ප්‍රතිකාර භාවිතා කිරීමට උනන්දු වන්න.
  • ඔබේ සමෙහි නම්‍යතාවය වැඩිකිරීමට,තෙතමනය ආරක්ෂා කරගැනීමට මොයිස්චරයිසර් ක්‍රීම් ආලේප කරන්න.
  • මෙවැනි සත්කාර සිදුකිරීමෙන් ඔබේ තරුණ පෙනුම රැකගැනීමට හැකියාව ලැබේ.

8. මධ්‍යසාර හා කැෆේන් භාවිතය සීමාකරන්න.

  • ඔබ පුරුද්දක් ලෙස මධ්‍යසාර,කැෆේන් ආදිය භාවිතයට හුරු වී සිටීනම් එයද දිගුකාලීන සෞඛ්‍යමය ගැටලු රැසකට හේතු වේ.
  • මේවා ඔබේ ශරීරය වියළිභාවයට පත්කිරීමට හේතුවන අතර සිරුරේ ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ විනාශ කර දමයි.සමෙහි පැහැපත්බව,දීප්තිය අඩුකර තරුණබව පැහැර ගනී.
  • එනිසා ඔබේ රුව පිළිබඳ සැළකිලිමත් වන්නේ නම් ඔබ මධ්‍යසාර,කැෆේන් ආදිය බැහැර කිරීම අත්‍යවශ්‍ය වේ.

 

සම පැහැපත්ව හා නිරෝගීව පවත්වා ගැනීමට වැඩියෙන් පිරිසිදු වතුර බොමු..

සම පැහැපත්ව හා නිරෝගීව පවත්වා ගැනීමට වැඩියෙන් පිරිසිදු වතුර බොමු..

සම යනු මිනිසාගේ ශරීරයේ ඇති විශාලතම ඉන්ද්‍රියය වන අතර එය බොහෝ දුරට ජලයෙන් සෑදී ඇත. ජලය නොමැතිව, ඔබේ සමට උපරිම තත්වයෙන් ක්‍රියා […]

Social media & sharing icons powered by UltimatelySocial
Call Now