බොත්තම් වලින් මවන සොඳුරු විලාසිතා..

බොත්තම් භාවිතයේ ආරම්භය ඇඳුම් භාවිතයේ ආරම්භය තරම්ම පැරණි යැයි සැළකේ. මන්ද විලාසිතා නිර්මාණකරණයේදී බොත්තම් ආශ්‍රයෙන් සිදුකරගත හැකි නිර්මාණ ඉතා සුලභ වන බැවිනි.බොත්තම් භාවිතයට ගනිමින් සිදුකළ හැකි සුන්දර විලාසිතා සහිත මෝස්තර රාශියකි,ඉන් ඔබේ පෙනුමට පමණක් නොව, ඔබ භාවිතයට ගන්නා අංගෝපාංග වලටද වැඩි වටිනාකමක් එක් කරයි.

බොත්තම් යොදාගනිමින් ඔබගේ ඇඳුම් විලාසිතාවට කදිම පෙනුමක් ලබාගත හැක. පහත ඡායාරූප මගින් ඔබට ඒ පිළිබඳ හොඳ අදහසක් ලබගත හැකිය.

බෑග් අලංකරණය කිරීම සඳහා බොත්තම් පහත පරිදි යොදා ගත හැකිය.

ඔබගේ පසුමිබිය බොත්තම් වලින් ‌මෙසේ සැරසිය හැකි දැයි බලන්න.

ඔබගේ වරලස තවත් ආකර්ෂණිය කර ගැනීමට බොත්තම් වලින් සකස් කර ගත් ආභරණ භාවිතා කිරීමට හැකිය.

ආභරණ හා පාවහන්ද බොත්තම් වලින් අලංකාර කල විට ආකර්ෂණීය භාවයක් ලබාදේ.

Social media & sharing icons powered by UltimatelySocial
Call Now