රජයේ සම්මුඛ පරීක්ෂණයකට යන්න Beauty Tips

  • රජයේ සම්මුඛ පරීක්ෂණයක් වැනි අවස්ථාවක ඔබ සැරසිය යුත්තේ සාරියෙන් හෝ ඔසරියෙනි. විශේෂයෙන්ම Hand-loom සාරි එකකින් හැඩවීමෙන් රජයේ සම්මුඛ පරීක්ෂණයකට යන ඔබට වැඩි ලස්සනක් පිළිවෙලක් අත් කරගත හැකිය. බොහෝ විට ඉතා තද පැහැති වර්ණ වලට වඩා රෝස, සුදු, කහ , ලා කොළ වැනි වර්ණ සහිත cotton සාරි තෝරා ගැනීම ඔබගේ චාම් බව ඉස්මතු කරයි. දිලිසෙන වර්ණ සහිත සාරියෙන් හෝ ඔසරි කිසිවිටක තොරා නොගත යුතුය.
  • ඔසරියෙන් ඔබ සැරසී යන්නේ නම් ඊට ගැළපෙන අයුරින් කොණ්ඩය පිටුපසට කර බැද bun එකක් දමා කොණ්ඩය සකසා ගත හැකිය. නැතිනම් කොණ්ඩය කරලට ගොතා ඔබගේ හිසකෙස් සකස් කරගත හැකිය.
  • ඔබට සම්මුඛ පරීක්ෂණයට යාමේදී සරල මේකප් එකකින් හැඩ වීමට පුළුවන.
  • තද පැහැති Lipstick Color (තද රතු පැහැය, දම් පැහැය) භාවිතා කිරීම රජයේ සම්මුඛ පරීක්ෂණයකට එතරම් සුදුසු නොවේ. ලා රෝස,ලා දුඹුරු, තැඹිලි වැනි සමේ පැහැයට ඉතා කිට්ටු තොල් ආලේපනයක් භාවිත කිරීම තුළින් වැඩි ලස්සනක් සකස් කර ගත හැකිය.
  • ආභරණ ද ඉතා අඩුවෙන් භාවිත කිරීම වැදගත් වේ. අත් ඔරලෝසුව, ඇදුමට ගැළපෙන වර්ණයකින් පබළු දැමූ හෝ සාමාන්‍ය ගෝල්ඩ් කරාඹු දෙකක් මේ සදහා යෝග්‍ය වේ. සම්මුඛ පරීක්ෂණ වලට එල්ලෙන කරාඹු උචිත නොවේ. රන් ආභරණ පළදින්නේ නම් ගෝල්ඩ් චේන් එකක් ගෙලට යොදා ගත හැකිය.
  • සාරියට ඔසරියට ගැලපෙන පරිදි සපත්තු තෝරා ගැනීමද ඉතා වැදගත් ‍වේ. අඩි උස සපත්තු සාමාන්‍යයෙන් සාරියට ඔසරියට ගැළපේ. පාවහන් වල වර්ණයද ගැළපෙන අයුරින් තෝරාගත යුතුය. බොහෝ විට කළු,දුඹුරු,අළු පැහැති පාවහන් පැලදීම බොහෝ දෙනෙකු සිදු කරයි.
  • සම්මුඛ පරීක්ෂණට යන ඔබ සාමාන්‍යයෙන් අත් බෑගයක් රැගෙන යයි. ඔබගේ අධ්‍යාපනික සහතික, සම්මුඛ පරීක්ෂණට අවශ්‍ය වන ලියකියවිලි පිළිවෙලට ෆයිල් එකක දමා ඔබේ අත් බෑගයේ තබා ගත හැකිය. එම අත් බෑගයද ඔබේ පාවහන් වලට හෝ සාරියේ පාටට ගැළ‍පෙන අයුරින් තෝරා ගැනීමෙන් වැඩි ලස්සනක් පිළිවෙලක් ඔබට අත් කර ගත හැකිය.
  • මෙහිදී ඔබ අදින්නේ ඔසරිය නම් ඊට ගැළපෙන ජැකට් ඩිසයින් එකක් සකස් කර ගත හැකිය. අත් දිගට වැලමිට තෙක් යොදා පිට චාම් හෝ හයිනෙක් Jacket Design එකක් යොදා ගත හැකිය. කෙටි අත හෝ බෝරිච්චි අත්ද කැන්ඩියන් එකට වඩාත් ගැළපේ.
  • ඔබ සාරිය අදින්නේ නම් ඊට ගැළපෙන ලෙස ජැකට් එක නිර්මාණය කර ගත හැකිය. ඔබ සහභාගි වන්නේ සම්මුඛ පරීක්ෂණයකට බැවින් අනවශ්‍ය ලෙස විසිතුරු මෝස්තර ජැකට් එකේ පිට ප්‍රදේශයට යොදා ගැනීම සුදුසු නොවේ. පිට ගැඹුරින් කපා ජැකට් එක ඩිසයින් කිරීමද එතරම් සුදුසු නොවේ.
  • ඔබට නිය ආලේපන භාවිත කිරීමට අවශ්‍ය නම් ඇදුමේ පැහැයට ගැළපෙන ලා වර්ණයක් යොදා ගත හැකිය.
Social media & sharing icons powered by UltimatelySocial
Call Now