රාත්‍රී සාදයකට ආකර්ෂණීය විධියට යන්නෙ මෙහෙමයි

  • රාත්‍රී සාදයකට ඔබ සහභාගී වන්නේ නම් ඔබගේ ඇදුම් විලාසිතාව වර්ණවත් එකක් ඔබ තෝරා ගත යුතුය. ඔබ අදින විලාසිතාව දිලිසෙනසුළු, ක්‍රිස්ටල් ස්වභාවයේ ඇදුමක් වේ නම් එහි වැඩි ආකර්ෂණීය බවක් දිස් වේ.
  • දුඹුරු,අළු වැනි අදුරු පැහැති වර්ණ භාවිත කිරීම රාත්‍රී සාදයකට උචිත නොවේ.
  • රාත්‍රී සාදයකට සහභාගී වන ඔබගේ පෙනුම ඉස්මතු වන ආකාරයට ඔබ heavy make up එකක් භාවිත කිරීම තුලින් වැඩි ආකර්ෂණයක් ලැබේ.
  • තොල් ආලේපන තද රතු පැහැයෙන්,තද රෝස ,දම් පැහැය භාවිත කිරීම ඔබගේ සුන්දරත්වය ඉස්මතු කරයි. තොල් ආලේපන භාවිතා කර Lip gloss එකක් භාවිතා කිරීමෙන් ද ඔබට වැඩි ආකර්ශණීය බවක් ලබා ගත හැකිය.
  • Eye makeup සිදු කිරීමේදී ඇදුමේ පැහැයට උචිත ලෙස shine colors යොදා ගැනීම තුලින් ඇස් වල තියුණු බව වැඩි කරගත හැකිය.
  • ඇදුමේ පැහැයෙන් නිය ආලේපන භාවිත කිරීම ද සැම විටම තද පැහැති වර්ණ භාවිතයෙන් අවස්ථානුකූලව colorfully effect එකක් ලබා ගත හැකිය. ඔබට අවශ්‍ය නම් ගැළපෙන වර්ණ වලින් Nail Art එකක් ද යොදා ගත හැකිය.
  • ඇදුමට ගැළපෙන අයුරින් එල්ලෙන කරාඹු,තෝඩු භාවිත කිරීම තුලින් වැඩි ලස්සනක් ඉස්මතු වේ.
  • දිලිසෙන වර්ණ භාවිත කිරීම තුලින් විදුලි ආලෝකය හා මිශ්‍ර වීමෙන් ඔබේ ආභරණ වල දිලිසෙන සුළු ස්වභාවය වැඩි වේ.
  • පාවහන් ගැන කතා කිරීමේදී අඩි උස පාවහන් ගෝල්ඩ්, සිල්වර් වර්ණ වලින් ඇදුමේ වර්ණය හා ගලපා ගැනීම තුලින් ද වැඩි ආකර්ෂණයක් ලැබේ.
  • පටි සහිත පාවහන් පැළදීම තුළින් ද ඔබේ දෙපා වලට වැඩි ලස්සනක් එකතු වේ.
  • කොණ්ඩ මෝස්තර යෙදීමේ දී ගවුමකට නම් Messy Hair Style එකක් ,කොණ්ඩය මදක් ඉහළට කර කොණ්ඩ මෝස්තර යෙදීම තුළින් වැඩි ලස්සනක් ඉස්මතු කර ගත හැකිය.
  • විශේෂයෙන්ම කොණ්ඩය සදහා ඇදුමට ගැලපෙන ලෙස hair එකක් gold, silver වර්ණ වලින් යොදා ගැනීම වඩාත් සුන්දර වේ.උදාහරණයක් ලෙස අත් නැති තද රතු පැහැති ටයිට් ගවුමක් (ඉදිරිපස විවරයක් සහිතව) ඔබ අදින්නේ නම් ඉහලින් දැමූ hair style එකක් (crown එකක් යොදා) වඩාත් ගැළපේ.
  • රාත්‍රී සාදයකට ඔබ සහභාගී වන ඔබ Make up එකට,ඇදුම් විලාසිතාවට, Hair Style එකට මුල් තැනක් දීම ඉතා වැදගත් වේ.
  • ඔබ පැහැපත් යුවතියක් නම් රතු,රෝස පැහැති ,තද පැහැති ඇදුමක් ඇදීම ගැටලුවක් නොවේ. නමුත් ඔබට ඇත්තේ තලෙළු හෝ අදුරු පැහැති සමක් නම් ඇදුම් යම් තරමක් Light Colors තෝරාගන්න.මන්ද ඔබේ සමේ පැහැයට වඩාත් හොද ගැළපීමක් ලබාදිය යුතු නිසාය.
  • ඇදුමේ වර්ණයට ගැළපෙන අයුරින් පර්ස් එකක්, කුඩා හෑන්ඩ් බෑග් එකක් තෝරා ගැනීමට අමතක නොකරන්න.
Social media & sharing icons powered by UltimatelySocial
Call Now