වැදගත් විදියට රැකියාවට යන්නේ මෙහෙමයි..

  • යුවතියකගේ සුන්දරත්වයේ රහස වන්නේ පිළිවෙල හා සුපිරිසිදුකමයි. එබැවින් රැකියාවට යාමේදී මේ පිළිබද ඔබ වැඩි අවධානයක් යොමු කල යුතුමය.
  • ඔබ සාරිය හෝ ඔසරිය අදිනවා නම් පොට හොදින් රැලි එකිනෙකට පිළිවෙලින් මැද සකස් කර ගත යුතුය. එසේම සාරි හැටිටයද හොදින් මැද සකස් කිරීම තුලින් වැඩි අලංකාරයක් ඉස්මතුවේ.
  • ඇගේ හැඩය මතුවන ආකාරයට සාරිය හෝ ඔසරිය ඇගට තදවන සේ ඇදීමෙන් ඔ‍බගේ සුන්දරත්වය තවත් වැඩිවේ.
  • ඔබ සාරි ඇදීමේදී භාවිතා කරන Pin (ක‍‍ටු) පිටට නෙපෙනිය යුතුය.
  • විශේෂයෙන්ම ඔබ සාරිය හෝ ඔසරිය ඇඳීමේ දී ඔබ අඳින සපත්තුවේ අඩියේ උස ප්‍රමාණයටවත් උසට එය ඇඳිය යුතුය. එනම් ඔබ ඇවිදින විට විලුඹ නොපෙනෙන ප්‍රමාණයට උසට සාරිය හෝ ඔසරිය ඇඳිය යුතුය. (කොටට ඇඳීම ඉතා අවලස්සන ය.)
  • සාරිය හෝ ඔසරිය ඇඳීමේ දී ඔබ අඳින යට සාය, සාරියේ උස ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් යොදා ගත යුතුවේ.
  • ඔබ අඳින ඇදුම කුමක් වුවත් හැමවිටම පිළිවෙලට තිබිය යුතු බැවින් එය හොදින් අයන් කර ගත යුතුමය. ඔබ ඇදුම් අඳින සෑම විටම කිසිම විටක යට ඇඳුමක කොටසක් හෝ නොපෙනීමට මෙන්ම ඇඳුම තුලින් ඒවායේ බෝඩර් ඉස්මතු වී නොපෙනීමටද වග බලා ගැනීම අත්‍යාවශ්‍යය.
  • ඔබ අඳින ඇඳුමේ කැඩුණු බොත්තම්, නූල් කෑලී, ඉරුණු කොටස් නොමැති විය යුතුය.
  • හිස කෙස් පිළිවෙලට ක්‍රමාණුකූලව සකස් කර ගත යුතු බැවින් ජෙල් හෝ හෙයාස්ප්‍රේ ස්වල්පයක් යොදා හිසකෙස් ඔබ කැමති විලාසිතාවකින් සකස් කර ගත හැකිය.
  • ඔබ යොදා ගත යුතු වන්නේ ඔබගේ ස්කින් කලර් එකට ගැලපෙන සිම්පල් මේකප් එකකි.
  • ඇදුමේ වර්ණය ගැලපෙන අයුරින් කරාඹු, මාල, සපත්තු, අත්බෑග්, නිය ආලේපන යොදාගන්න.
photo 2021 02 13 22 31 13

ඔබගේ සුන්දරත්වය ඉස්මතු කරන හැසිරීම් රටා

සමාජයේදී අපට ලැබෙන පිළිගැනීමට බලපාන ප්‍රධානම සාධක අතරන් ඇදුමට අමතරටව අපගේ හැසිරීමට ප්‍රමුඛ වේ. එබැවින් කොතරම් හොදින් හැද පැලද සිටියත් අපගේ හැසිරීම් […]

Social media & sharing icons powered by UltimatelySocial
Call Now