වැලන්ටයින් සාදයකට යන යුවලකට Beauty Tips

වැලන්ටයින් සාදයකට යන තරුණියකට තද රතු පැහැයෙන් යුතු ගවුමක් සුදු‍සුවේ. එය අත් රහිත, දිග ටයිට් ගවුමක් වීම  සුදුසු වන අතර, වම් කකුල මැදින් දනිස්සේ සිට අගල් 2 පමණ උඩට ඕපන් එකක් සහිත වීම වඩා ආකර්ෂණීය වේ. ගවුමේ පිට ප්‍රදේශයට අලංකාර කට් වර්ක් මෝස්තරයක් හෝ බොත්තම් පේළියක් සකස් කිරීම ද සුදුසු වේ. මෙහි කර විවෘත නිසා තද ‍කොළ පැහැති ක්‍රිස්ටල් ඇට මාලයක් හා එම වර්ණයෙන්ම ක්‍රිස්ටල් තෝඩු ආකාරය ඇති කරාබු දෙකක් යොදා ගත හැකිය‍. සපත්තු පැළදීමේදී අඩි උස විය යුතු අතර එය මෙරුන් හෝ තද දුඹුරු පැහැයෙන් යුත්ත වීම සුදුසුය. තරුණියගේ අතට මෙරුන් පාට පර්ස් එකක් වඩාත් ගැළපේ. කොණ්ඩා මොස්තරය උඩට ලුප් ආකාරයට දැමු විලාසිතාවක් නම් වඩාත් සුදුසුයි.

valentine dress PG F2007 d

Valentine සාදයකට සහභාගි වන යුවතියකට Heavy Makeup එකක් භාවිතා කිරීම සුදුසුය. Foundation stick එක සමේ පැහැයට තෝරාගෙන පවුඩර් එක ටිකක් Heavy ලෙස Brush එකක් ආධාරයෙන් තවරා ගතහැකිය.ඇයට තද රතු පැහැති ලිප්ස්ටික් වර්ණයක් යොදාගැනීම් උචිතය. ඊට උඩින් Lip Gloss එකක් භාවිතා කරන්නේ නම් ඇය ගේ මුහුණට වැඩි ආකර්ෂණීය බවක්, සරාගී පෙනුමක් එක් කරගත හැකිය. අයි ෂැඩෝ භාවිතා කිරීමේදී Brown Color, Gold color ආදී වර්ණ යොදාගැනීමෙන් ඇස් ආකර්ෂණීය ලෙස හැඩ ගස්වා ගත හැකිය. කෘතිම eye lashes භාවිතා කරන්නේ නම් ඇයගේ දෙනෙත්වල කාන්තිය වැඩිවී පෙනේ. මුහුණට Blusher යෙදීමේදී Gold Touch එකක් ලබාදීමෙන් ඇයගේ ආකර්ෂණීය පෙනුම,කෙළිලොල් බව වඩාත් මතුකර පෙන්විය හැකි ය. නිය ආලේපන තද රතු පැහැයෙන් යොදාගැනීම උචිතය. නැතිනම් තද රතු පාට යොදාගෙන ගැළපෙන ලෙස Nail Art එකක් කරගැනීම සුදුසුය.

තරුණයෙක් නම් ඔබට කඵ හා රතු මිශ්‍රිත ඇදුම් සුදු‍සුවේ. කඵ පැහැති අත්දිග කමිසයක් සමග කඵ පැහැති දිග කලිසමකින් සැරසීම සුදුසු වේ. එම කමිසයේ කොලරය හා අත් දෙකෙහි වා‍ටිය රතුපැහැ විය යුතුය. රතු පැහැති ටයි පටියක් පැලදීම සුදු‍සුවේ.

මෙවැනි අවස්ථාවකට සහභාගි වීමේදී තරුණයා හා තරුණිය කැපී පෙනෙන ලෙස සැරසී සිටීම වැදගත් වේ. හැම විටම දෙදෙනාගේ අදින ඇදුම් වල වර්ණ ගැලපීම පිළිබද අවධානය යොමු කල යුතුමය.

 

Social media & sharing icons powered by UltimatelySocial
Call Now