සම පැහැපත්ව හා නිරෝගීව පවත්වා ගැනීමට වැඩියෙන් පිරිසිදු වතුර බොමු..

සම යනු මිනිසාගේ ශරීරයේ ඇති විශාලතම ඉන්ද්‍රියය වන අතර එය බොහෝ දුරට ජලයෙන් සෑදී ඇත. ජලය නොමැතිව, ඔබේ සමට උපරිම තත්වයෙන් ක්‍රියා කළ නොහැක. ඔබේ සමට ප්‍රමාණවත් පරිදි ජලය නොලැබුනේ නම්, එය වියළි, තද සහ සුදුමැලි වනවා පමණක් නොව,රැළි සහිත ස්වභාවයක් මතු වී වයසට යාමේ අවදානමද වැඩි වේ. වියළි සමට ඔරොත්තු දීමේ හැකියාව අඩු වන අතර රැළි වැටීමට වැඩි ඉඩක් ඇත. එබැවින් ඔබ නිසි ලෙස ජලය පානය කරන්නේ නම් ඔබට දීප්තිමත්, සෞඛ්‍ය සම්පන්න, තරුණ පෙනුමක් ලබා ගත හැක.

තවද ආහාර දිරවීම, සංසරණය, අවශෝෂණය හා බැහැර කිරීම සඳහා ජලය ආධාරක වන හෙයින් දිනපතා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම සමස්ත සෞඛ්‍යයට වැදගත් වේ.

සම රැක ගැනීම සදහා අප ජලය වැඩියෙන් පානය කල යුතුය. ප්‍රධානම කරුණ වන්නේ අපගේ ශරීරයේ ඇති ජලය, දහඩිය ලෙසින් නිරන්තරයෙන් අපේ සමෙන් ඉවත් වන නිසා වැඩි වැඩියෙන් ජලය පානය කිරීම වැදගත්ය . එහෙත් අප බොන ජලය සමට අවශෝෂණය වන්නේ ශරීරයේ සියඵම ඉන්ද්‍රියන් වෙත ජලය ලබා දී අවසානය‍ටය. එබැවින් සමට ජලය ලබා දීමට නම් නිරන්තරයෙන් ජලය පානය කල යුතුමය.

දිනකට අවම වශයෙන් වතුර ලීටර 4 ක් වත් පානය කල යුතුය. ඔබ නිරන්තරයෙන් අව්වේ හෝ වියළි ‍දේශගුණයක ජීවත් වන්නේ නම් වතුර ලීටර 5 කට වඩා පානය කිරීම සුදුසුය. එසේම උදෑසන හිස්බඩ වතුර වීදුරු දෙකක් වත් පානය කිරීමට ඔබ පුරුදු වුවහොත් ඔබට දීප්තිමත් නිරෝගී සමකට සති 3 – 4 ක් තුල හිමිකම් පෑමට අවස්ථාව උදාවනු ඇත. එසේ කිරීමෙන් ඔබගේ ශරීරයේ හා සමේ විෂ ඉවත් වේ. පරිවෘත්තීය ක්‍රියා හොදින් සිදුවේ. දවස හොදින් ආරම්භ කිරීමට හිතට ගතට ශක්තිය ලැබේ. මිසූරි-කොලොම්බියා විශ්ව විද්‍යාලය විසින් කරන ලද එක් අධ්‍යයනයකින් හෙළි වූයේ ජලය කෝප්ප දෙකක් පානය කිරීමෙන් සමට රුධිර ප්‍රවාහය වැඩි වන අතර එමඟින් ඔබේ සමේ පැහැය වැඩි වී, අවපැහැය ඉවත් කර ගත හැකි බවයි.

ඉහත ආකාරයට ඔබ ජලය පානය කිරීමට පුරුද්දක් කර ගත් විට පහත දැක්වෙන වාසි ඔබට අතිවිදිය හැකිය.

  • ඔබ වැඩි වැඩියෙන් ජලය පානය කරන විට සමේ රැළි සහ සිහින් රේඛා අඩු වේ. ජලය ඔබේ සමට තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වන අතර එමඟින් සමේ නම්‍යතාය හෙවත් අදෙන සුලු භාවය වැඩි කරයි. එවිට සමේ රැළි අඩු වේ.
  • ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමෙන් ඔබට සමේ රෝග සහ දද,කුෂ්ඨ ඇතුළු විවිධ සමේ ගැටළු වලට එරෙහිව සටන් කිරීමට සමට ශක්තිය එක් කළ හැකිය. මෙය සිදු කරන්නේ ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට ශරීරයෙන් විෂ ඉවත් කිරීමට උපකාර කිරීමෙනි
  • ඔබට සුදුමැලි වීම සහ ඉදිමීම අඩු කර සම පැහැපත් කර ගැනීමට අවශ්‍ය නම්, ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය කරන බවට වග බලා ගන්න.
  • වැඩිපුර ජලය පානය කිරීමෙන් අව්වේ පිළිස්සීම මගින් සමට වු හානිය සුව කිරීමේ ක්‍රියාවලිය වේගවත් වේ.
  • කුරුලෑ සුව කර ඉවත් කරන්න ජලය වැඩිපුර පානය ඉවහල්වේ. එයට හේතුව වන්නේ සමෙන් විෂ ඉවත් කිරීමට සහ ඔබේ සමේ සිදුරු හැකිලීමට ජලය උදව් වන අතර එමඟින් ඒවා කැටි ගැසීමට ඇති ඉඩකඩ අඩු වේ. ඔබ වැඩි වැඩියෙන් ජලය පානය කරන තරමට ඔබේ සම මතුපිට තෙල් හා ජලය සමතුලිත වේ. මෙය ඔබේ සිදුරු ප්‍රමාණය අඩු කිරීමට, කුරුලෑ බිඳීම් අඩු කිරීමට සහ කැළැල් අඩු කිරීමට උපකාරී වේ.
  • වයසට යාම මන්දගාමී වේ. සම පැහැපත් වීම මගින් සම වයසට යාමේ රැළි හා සලකුණු අවම වේ
  • ඔබට වියළි සමක් ඇති විට, එය ඉරිතලා, පිටි සහ කැසීම ඇති විය හැක. ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමෙන් මෙම ගැටළුව විසඳීම පහසුය. ඔබ සජලීව සිටින විට, ඔබේ සම ඉරිතලා කැසීම ඇතිවීමේ අවදානම අඩුය.
  • ඔබට ගැටළු සහගත සමක් ඇත්නම්, ඔබේ සමේ කැළැල් රහිත හා දීප්තිමත් බවක් පවත්වා ගැනීමට සෞඛ්‍ය සම්පන්න pH ශේෂයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යය. වැඩිපුර ජලය පානය කිරීමෙන් ඔබේ pH මට්ටම සමතුලිත කර සෞඛ්‍ය සම්පන්න සමක් ලබා ගත හැකිය.

එබැවින් වතුර බෝතලයක් දවස පුරා ළඟ තබා ගැනීමට පුරුදුවීම මගින් ඔබ වැඩිපුර ජලය පානය කිරීමට සහ ඔබේ සම නිරෝගී පැහැපත් දිදුලන ලෙස පවත්වා ගැනීමට හැකිය.

Social media & sharing icons powered by UltimatelySocial
Call Now