ස්වභාවික සුන්දර ඝන ඇහි බැමක් සකස් කරගන්නේ කෙසේද?

වර්තමානයේ බොහෝ දෙනා අලංකාර ඝන ඇහිබැමි සකස් කර ගැනීම විලාසිතාවක් කර ගෙන ඇත. මන්ද යත් එමගින් තරුණියකගේ පෙනුම ආකර්ෂණීය කරන බැවිනි. ඝන ඇහිබැමි සකස් කර ගැනීම සදහා බොහෝ දෙනා ආලේපන භාවිතය හා ඇහි බැමි රේඛා ඇදීමඇදීම සිදු කරයි. එහෙත් ස්වභාවික ඝන ඇහි බැමක ඇති සුන්දරත්වය එමගින් ප්‍රදර්ශනය නොවේ.

Eyebrows -ඇහි බැම

නිවසේ දීම ඔබට ස්වභාවික ඝන ඇහි බැමක් සකස් කර ගැනීමට භාවිතා කළහැකි හොඳම ක්‍රමවේද 05 ක් පහත දක්වා ඇත.

1. එඬරු තෙල් (Castor Oil)

එඬරු තෙල් (Castor Oil)

මෙය ඇහිබැම වැඩි කිරීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමයකි. කපු පුළුන් කැබැල්ලක් එඬරු තෙල්වල පොඟවා ඇහි බැමකට යොදන්න. ඔබේ ඇහි බැම විනාඩි 2-3ක් ඇඟිලි තුඩුවලින් සම්බාහනය කර අවම වශයෙන් විනාඩි 30ක්වත් තෙල් ආලේප කර තබන්න. ඉන්පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙසේ දිනපතා සිදු කිරීම මගින් ඔබට සුන්දර ස්වභාවික ඝන ඇහි බැමක් ලබා ගත හැකිය.

2. පොල් තෙල් (Coconut oil)

පොල් තෙල් (Coconut oil)

පොල්තෙල් වල සෞඛ්‍ය සම්පන්න, ඝන කෙස් වර්ධනය කරන විටමින් E සහ යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ. ඇහි බැම මත පොල් තෙල් බින්දු කිහිපයක් ආලේප කර සම්බාහනය කරන්න. සම්බාහනය රුධිර සංසරණය වැඩි දියුණු කරන අතර හිසකෙස් වර්ධනයට දායක වේ. පොල් තෙල් එක රැයක් ඇහිබැම මත තබා පසුදා උදෑසන උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මේ ආකාරයට මාස කිහිපයක් ඉවසීමෙන් යුතුව සිදු කරන්න. එවිට ඔබට වෙනස පෙනෙනු ඇත.

3. ඔලිව් තෙල් (Olive Oil)

ඔලිව් තෙල් (Olive Oil)

ඔලිව් තෙල් විටමින් E වලින් පොහොසත් වන අතර එය කේශනාලිකා වර්ධනය හොඳින් උත්තේජනය කරයි. කේශනාලිකා සෞඛ්ය සම්පන්න වන විට, රුධිර සංසරණය වැඩි දියුණු වන අතර, සෞඛ්ය සම්පන්න සහ ශක්තිමත් හිසකෙස් වර්ධනය සඳහා ගුණදායකය.

ඔලිව් තෙල් බින්දු කිහිපයක් ගෙන ඔබේ ඇහි බැම මෘදු ලෙස සම්බාහනය කරන්න. ඔබට හැකි නම් එය එක් රැයක් තබන්න නැතහොත් විනාඩි 30 ක් වත් තබා පසුවව සෝදා හරින්න. තවද ඔලිව් තෙල් සහ මී පැණි බිංදු කිහිපයක් මිශ්‍ර කර ඉහත ක්‍රමයම අනුගමනය කල හැකිය.

4. කිරි (Milk)

 

නිරෝගී හිසකෙස් වර්ධනයට උපකාරී වන ප්‍රෝටීන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ කිරි වල අඩංගු වේ. පිරිසිදු භාජනයකට කිරි ටිකක් ගෙන කපු පුළුන් කැබැල්ලක් ගිල්වා එක් එක් ඇහි බැම මත ආලේප කරන්න. කිරි වියළීමට ඉඩ දෙන්න, පසුව උණුසුම් ජලය සමග එය සෝදා හරින්න.

5. කෝමාරිකා (Aloe Vera)

කෝමාරිකා (Aloe Vera)

කෝමාරිකා වල මොයිස්චරයිසින් ගුණ ඇති අතර එය කෙස් කළඹට ප්‍රයෝජනවත් වේ. කෝමාරිකා කොළයකින් ජෙල් කොටස ගෙන ඔබේ ඇහි බැම මත සම්බාහනය කරන්න. මිනිත්තු 30 ක් තබා උණුසුම් ජලය සමග මෙය සෝදා හරින්න. තවද වඩා හොද ප්‍රථිපල සදහා පොල්තෙල් හෝ මී පැණි බිංදු කිහිපයක් සමඟ කෝමාරිකා මිශ්‍ර කිරීමෙන් ඔබට තලපයක් සාදා ගෙන ඉහත ආකාරයට සිදු කල හැකිය. මෙම ක්‍රියාවලිය සති කිහිපයක් සිදු කළ යුතුය.

 

Social media & sharing icons powered by UltimatelySocial
Call Now