Lipstick මඟින් ආකර්ශණීය පෙනුමක් ලබාගන්නේ කෙසේද?

Lipstick යනු දෙතොලකට ආකර්ශණීය පෙනුමක් ලබාදෙන ආලේපනයකි. එමඟින් ඔබේ තොල් වලට සුවිශේෂ පෙනුමක් ලබා දෙයි. එය ඔබේ පෞරුෂත්වය වැඩිකිරීමට ද හේතුවක් වේ. නිවැරදි වර්ණ භාවිතය තුළින් ඔබගේ දෙතොලට කදිම පෙනුමක් ලබා දිය හැකි අතර,තොල් ආලේපන භාවිතයට හුරුවීමෙන් ඔබට ඒවා යෙදීමේදී ඇතිවන ගැටලු ද මඟහරවා ගතහැකිය. ඒ අනුව ලිප්ස්ටික්, මිනිත්තු කිහිපයක් තුළ ඔබේ පෙනුමට වැඩි වටිනාකමක් ලබාදෙන අතර එහි ප්‍රතිඵල ඔබව මවිතයට පත් කරනු ඇත.

වේශ නිරූපණය යනු එක්තරා කලාවකි.එවැනි දෘශ්‍ය කලාවක් නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන මෙවලමක් ලෙස ද “Makeup” හඳුන්වා දියහැකිය.ඔබේ පෙනුම ආකර්ශණීය ලෙස වැඩි දියුණු කිරීමට ඔබට එය භාවිතා කළ හැකිය.ඒ අනුව ලිප්ස්ටික් යනු ආකර්ශණීය වේශ නිරූපණයකට අවශ්‍ය අනිවාර්ය අංගයකි.

වර්ණවත් තොල් ආලේපන මඟින් ඔබේ ආකර්ෂණීය පෙනුම තීව්‍ර කරගන්නේ කෙසේද?
Red Color Lipstick- තද රතු පැහැති තොල් ආලේපන ඔබ තෝරාගන්නේ නම් ඔබගේ ආකර්ශණීය,සරාගී පෙනුම එයින් වැඩිකර පෙන්වයි. උත්සව අවස්ථාවන්,සාද සඳහා මෙම වර්ණය වැඩි වශයෙන් භාවිතා කළ හැකිය.විශේෂයෙන් පැහැපත් සමක් ඇති කෙනෙකුට මෙම වර්ණය වඩාත් උචිත වේ.
Pink Color Lipstickරෝස පැහැති තොල් ආලේපන පිරිපුන්, සුදුමැලි තොල් සඳහා භාවිතා කරන විට එය සරාගී මෙන්ම ආකර්ශණීය ලිප්ස්ටික් වර්ණයකි. දීප්තිමත්,තලෙළු සමක් ඇති කෙනෙකුට වඩාත් උචිතය.ඉන් තරුණ පෙනුමක් ලබා ගත හැකිය.
Dark Color Lipstick- අඳුරු පැහැති තොල් ආලේපන වඩාත් සුදුසු වන්නේ පැහැපත් හෝ තලෙළු සමක් ඇති අයටය .මේ සඳහා ලිප්ග්ලොස් එකක් භාවිතා කරන්නේ නම් ඔබේ දෙතොල්වල පැහැය වඩාත් දැකුම්කළු වේ.
Gold Lip Gloss – මෙය සෑම වේශ නිරූපණ ශිල්පියෙකුටම නැතිවම බැරි වැදගත් මෙවලමකි. තත්පර කිහිපයකින් දෙතොල් හැඩගන්වන කදිම නිෂ්පාදනකි. ඡායාරූපකරණයේදී දෙතොල්වලට වැඩි ආකර්ෂණයක් ලබාදීමට Gold Lip Gloss භාවිතා කරයි.
Crystal Lip Gloss – ඔබේ පෙනුම,ආකර්ශණීය බව වැඩිදියුණු කිරීම සඳහා මෙම Lip Gloss වර්ගයද භාවිතා කළ හැකිය.තොල් ආලේපනයෙහි වර්ණ තීව්‍රතාව මෙමඟින් යම්තාක් දුරකට අඩුකර ගතහැකිය.
ඔබේ ආකර්ශණීය බවේ රහස වන්නේ ඔබ භාවිතා කරන වර්ණ හා නිෂ්පාදන වර්ගය නිවැරදිව යොදාගන්නේ කෙසේද යන්න දැන ගැනීමයි.වේශ නිරූපණ මඟින් ඔබේ සමට හොඳ නිමාවක් විචිත්‍ර බවක් ලබාදෙන අතර දෙතොල් හැඩගැන්වීම සඳහා විශේෂ වර්ණ යොදාගන්නේ කෙසේදැයි සොයා බලමු.

රෝස පැහැති දෙතොලක්…
ස්වාභාවික රෝස පැහැති ලිප්ස්ටික් වර්ණයක් තෝරාගැනීමෙන් ද ඔබේ දෙතොලට ආකර්ශණීය පෙනුමක් ලබා දියහැකිය. මෙයින් තොල්වලට නැවුම් බවක් එක්කරයි. ඇස් සඳහා ලබාදෙන Eye makeup සමඟ මෙය ගැළපීමේදී එය විශ්මයජනක ලෙස ඔබේ පෙනුම වෙනස් කරයි. නමුත් මෙම වර්ණය භාවිතා කිරීම පිළිබඳ ගැටළුව වන්නේ එම වර්ණය ඔබේ දෙතොල්වල වැඩි වේලාවක් නොරැඳීමයි. එනම් ඉක්මණින් දෙතොලෙහි සාමාන්‍ය පැහැය ඉස්මතු වීමයි. එම ගැටළුව වළක්වා ගැනීම සඳහා, ඔබේ තොල් වර්ණයට ආසන්න, තරමක් තද පැහැයක් ගන්නා රෝස පැහැති තොල් ආලේපනයක් ඔබට තෝරාගත හැකිය. මෙහිදී ඔබ හැමවිටම ඔබේ ලිප්ස්ටික් වර්ණයට වඩා තරමක් තද පැහැති ලිප් ලයිනර් එකක් යොදා ගැනීමට මතක තබාගන්න.එවිට ඔබේ තොල්වල ආලේප කරන ලිප්ස්ටික් වර්ණය වඩාත් හොඳින් ඉස්මතු වී පෙනේ. ඉන් දෙතොලට වැඩි ආකර්ශණීය බවක් ගෙන දේ .උඩු තොලෙහි ලයිනර් එක හොඳින් ඉස්මතු කරන්න.ඔබේ දෙතොලෙහි අඩුපාඩු ඇත්නම් ලිප් ලයිනර් එකෙන් එම අඩුපාඩු නිවැරදි කරගත හැකිය.රෝස පැහැති ලිප්ස්ටික් සඳහා ලිප්ග්ලොස් එකක් භාවිතා කිරීමෙන් ඔබේ ආකර්ශණීය පෙනුම වඩාත් තීව්‍ර කරගත හැකිය.

රතු පැහැයෙන් ඔබගේ දෙතොල් වැඩිපුර ඉස්මතු වී ඇතැයි ඔබට හැඟේ නම් ඔබට තරුණ පෙනුමක් ලබා ගැනීමට රෝස පැහැති ලිප්ස්ටික් භාවිතා කළ හැකිය. මෙහිදී, ඔබ භාවිතා කරන ලිප්ස්ටික් වර්ණයට සමාන ලිප් ලයිනර් එකකින් මුලින්ම උඩුතොල හා යටිතොල රේඛා කරගන්න. පසුව දෙතොල් මත ගැඹුරු රෝස පැහැයක් යොදන්න. මෙහිදී, ඔබට තේරීම් කිහිපයක් සිදුකළ හැකිය. ලිප්ස්ටික් ආලේප කිරීමෙන් පසු ඔබේ දෙතොල මත රෝස පැහැති ලිප් ග්ලොස් එකක් යෙදිය හැකිය, නැතහොත් ඔබ තෝරාගන්නා වර්ණයට ගැළපෙන පිරිපුන් බවක් ගෙනදෙන ලිප් ග්ලොස් එකක් තෝරාගන්න. ඔබට ගෝල්ඩ් පැහැති ග්ලොස් වර්ගයක් ද ‍උත්සාහ කර බැලිය හැකිය.එතුළින් ඔබට වඩාත්ම ගැළපෙන වර්ණ මොනවාදැයි අදහසක් ලබාගෙන ඒවා භාවිතා කිරීම තුළින් ඔබගේ පෙනුමට වැඩි ආකර්ෂණයක් එක්කර ගත හැකිය.

නා දළු වැනි සුන්දර දෙතොලක් …
රතු පැහැති ලිප්ස්ටික් වලට ඕනෑම කෙනෙක් වැඩි රුචියක් දක්වයි. එය බොහෝ විට සරාගී පෙනුමකට සමාන කරන එක් වර්ණයක් විය හැකිය. මෙම වර්ණය ඔබේ දෙතොලෙහි සුන්දරත්වය ඉස්මතු කරවන කැපී පෙනෙන වර්ණයකි.විශේෂයෙන්ම ඔබේ දත්වල සුදු පැහැය මෙම රතු වර්ණය සමඟ දීප්තිමත්ව පෙනෙන අතර ඉන් ඔබේ මුහුණට ද කාන්තිමත් බවක් ලබා දෙයි.පැහැයෙන් අඩු අයි ෂැඩෝ හෝ අයි ලයිනර් සමඟ මෙම වර්ණය වඩාත් හොඳින් ගැළපේ. එය ඔබේ පෙනුමට විශාල වෙනසක් එක්කරයි. ඔබේ දෙතොල්වල ලිප්ස්ටික් හොඳින් ආලේප කර ගැනීමට ලිප් බ්‍රෂ් එකක් හෝ ලිප් පෙන්සිල් එකක් භාවිතා කරන්න. මේ ආකාරයෙන් ඔබ රතු පැහැති ලිප්ස්ටික් ආලේප කිරීමෙන් පසු, ඔබේ තොල් ආලේපනයට නිමාවක් ලබාගැනීමට ඊට ගැළපෙන ග්ලොස් එකක් භාවිතා කරන්න.එයින් ඔබේ තොල්වලට ලැබෙන දිළිසෙනසුළු පෙනුම ඔබගේ ආකර්ශණීය පෙනුම වඩාත් තීව්‍ර කරයි.

Social media & sharing icons powered by UltimatelySocial
Call Now