Night Cream එකක් නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද?

ඔබගේ සමට ගැළපෙන හොඳ ප්‍රමිතියකින් යුතු Night Cream වර්ගයක් ඔබ විසින් තෝරාගත යුතුය. මෙම Night Cream වර්ගය ආලේප කිරීම සඳහා ඔබට “Five point ක්‍රමය” භාවිතා කළ හැකිය. මෙම ක්‍රමය ආලේපන ගැල්වීමේ දී භාවිත කළහැකි නිවැරදි ක්‍රමයකි. මේ සඳහා ඔබගේ ඇඟිලි තුඩුවලට ක්‍රීම් ස්වල්පයක් ගෙන ඔබේ නළල, නාසය, නිකට හා කම්මුල් දෙක යන “Five point” තැන්හි තිත් ආකාරයට තබාගෙන උඩු අතට මෘදු ලෙස සම්බාහනය කරන්න. එවිට විනාඩි කිහිපයක් තුළ එය ඔබගේ සමට උරාගනී.

හැමවිටම ඔබේ ගෙල ඔබේ මුහුණේම කොටසක් ලෙස සැළකීම ඉතා වැදගත් වේ. නිරතුරුවම ඔබ ආලේප කරන සෑම නිෂ්පාදනයක්ම ඔබේ ගෙලෙහි ද ආලේප කිරීමට ඔබ වගබලා ගන්න. ඔබේ ගෙල හැමවිටම ඔබේ සැබෑ වයස පිළිඹිබු වන අංගයක් වන බැවින් ඔබ භාවිතා කරන සෑම ආලේපනයක්ම ඔබේ ගෙලෙහි ද ආලේප කිරීමට ඔබ කටයුතු කිරීම ඉතා වැදගත්ය.

ඔබේ සමට රාත්‍රී පෝෂණ සත්කාරයක් ලෙස නයිට් ක්‍රීම් එකක් භාවිතා කිරීමෙන් ප්‍රතිලාභ රැසක් ලබාගත හැකිය. නයිට් ක්‍රීම් භාවිතා කිරීමෙන් ඔබේ සමට වඩාත් සුසිනිඳු, පැහැපත් හා තාරුණ්‍ය පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ යැයි රූපලාවණ්‍ය විශේෂඥයෝ පවසති. එසේම ඔබ උදෑසන අවදි වන විට ඔබේ සමට සැහැල්ලු බවක් හා ආකර්ෂණීය බවක් දැනෙනු ඇත.
නයිට් ක්‍රීම් භාවිතා කිරීමේදී එය නිවැරදිව භාවිතා කිරීම තුලින් උසස් ප්‍රථිපල ලබා ගත හැකිය. එබැවින් පහත පියවර අනුගමනය කරන්න.

පියවර 1: ඔබේ සම පිරිසිදු කරන්න
පළමු පියවර වන්නේ ඔබේ සමේ තැන්පත් වීඇති කුණු,දූවිලි,දහදිය ආදී අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කර ඔබේ සම පිරිසිදු කිරීමයි. ඒ සඳහා ඔබේ සමට ගැළපෙන ක්ලෙන්සර් වර්ගයක් හෝ ෆේස් වොෂ් වර්ගයක් යොදන්න. සෑම රාත්‍රියකම පුරුද්දක් ලෙස ඔබ නයිට් ක්‍රීම් ආලේප කිරීමට උනන්දු වන්න.නයිට් ක්‍රීම් ආලේප කිරීමට හොඳම කාලය වන්නේ සෑම දිනකම සවස ස්නානය කිරීමෙන් හෝ මුහුණ,සිරුර පිරිසිදු කරගැනීමෙන් පසුවය. නින්දට යාමට අවම වශයෙන් විනාඩි 30කට පෙර නයිට් ක්‍රීම් ආලේප කළ යුතුය.

පියවර 2: නිවැරදි නිෂ්පාදනය තෝරන්න
මෙහිදී ඔබේ සමට ඉතාම ගැළපෙන නිෂ්පාදනයක් තෝරාගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුය.ඒ සඳහා එහි අන්තර්ගතය කුමක්දැයි ඔබට සොයා බැලිය හැකිය.වෙළඳපොළේ ඇති සියලු නයිට් ක්‍රීම් වර්ග එක හා සමාන ප්‍රතිඵල ලබානොදෙයි.විශේෂයෙන්ම ඔබේ සමෙහි වර්ගය මත පදනම්ව ඔබ නයිට් ක්‍රීම් එකක් තෝරා ගන්නේ නම් ඔබට එයින් ඉතා සාර්ථක ප්‍රතිඵල උදාකර ගතහැකිය..

කෙසේ වෙතත්, නයිට් ක්‍රීම් මගින් ඔබේ සමෙහි පවතින ගැටළු බොහෝ දුරට නිරාකරණය කරගැනීමේ හැකියාව පවතී. සමට නැවුම් බවක්,ප්‍රාණවත් බවක් මෙන්ම පෝෂණයක් ද ලබාගැනීමට හැකිවේ.

පියවර 3: හැමවිටම උඩු අතට ආලේප කරන්න.
ඔබ ක්‍රීම් ආලේප කිරීමේදී හැමවිටම මෘදු තෙරපුමක් සහිතව උඩු අතට ආලේප කරන්න.මුහුණෙහි,බෙල්ලේ සහ කන්වල ද ක්‍රීම් ආලේප කිරීමට මතක තබාගන්න. සීරම් එකක් සමඟ නයිට් ක්‍රීම් ආලේප කරන්නේ නම් පළමුව සීරම් ආලේප කර පසුව ක්‍රීම් ආලේප කරන්න.

Social media & sharing icons powered by UltimatelySocial
Call Now